සූදු නියාමන අධිකාරී පනත දෙසැම්බර් 01 සිට ක්‍රියාත්මකයි – හිරුණි ලක්ෂිකා

රජය විසින් සූදු නියාමන අධිකාරී පනත ලබන දෙසැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.

සූදු නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසන මෙම පනත් කෙටුම්පත මෑතකදී පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වගන්තියට අනුව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න විසින් පසුගිය සැප්තැම්බර් මස 03 වැනිදා සූදු නියාමන අධිකාරී පනතට සහතිකය සටහන් කළා.

නව පනත මඟින්, ලොතරැයි සහ සමාජ සූදු හැර අනෙකුත් සියලුම ආකාරයේ සූදු කටයුතු නියාමනය කිරීම සහ පාලනය කිරීම සඳහා විධිවිධාන සලසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *