GMOA වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමේ තීරණයක්!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය .

ඒ අනුව, දිවයිනේ සියලුම රෝහල්වල වෛද්‍යවරුන් හෙට සිට බාහිර ඔසුසල්වලින් මිලදී ගත යුතු ඖෂධ නියම කිරීම සහ බාහිර රසායනාගාරවලින් කළ යුතු පරීක්ෂණ නිර්දේශ කිරීම ඇතුළු තෝරාගත් සේවාවන් සැපයීම සීමාකිරීමට තීරණය කර ඇත.

2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරනු වස් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත .

මේ සම්බන්ධව රජයේ පාර්ශ්වයන් දැනුවත් කළ බවත් මීට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් හෙට උදෑසන 8 සිට මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට සිය සංගමය තීරණය කළ බවත් එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

Copied: https://www.dinamina.lk/2025/11/16/local/240091/gmoa-

END/MMP/16112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *