අද රාත්‍රී කාලයේ සහ හෙට අලුයම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කළ හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසනවා.
මෙය ‘ලියෝනිඩ්ස්’ උල්කාපාත වර්ෂාව ලෙස හදුන්වන අතර අලුයම 4ත් 5ත් අතර කාලය තුළදී මෙය නිරීක්ෂණය කිරීමට හැකි බවයි අභ්‍යවකාශ විද්‍යාඥ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගිහාන් වීරසේකර සඳහන් කළේ.