අනුරපුර යමින් සිටි වන්දනා බස් රියක් ගිනි ගනී – ඔෂාන් කළුආරච්චි

වන්දනා නඩයක් රැගත් බස් රථයක් අද (16) දහවල් තිරප්පනේ, ගල්කුලම ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමටකට ලක්ව තිබෙනවා.

මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ ගම්පල ප්‍රදේශයේ සිට අනුරාධපුරය බලා යමින් සිටි බස් රථයක්.

බස් රථය ගිනි ගන්නා අවස්ථාවේ එහි රියදුරු හා සහයකයා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු පමණ සිට ඇති බවත් ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවද පොලිසිය පැවසුවා.

එහෙත් එම ගින්නෙන් එම බස් රථයට දැඩි හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගිනි ගැනීමත් සමග බස් රථය නවත්වා එහි සිටි මගීන් ආරක්ෂිතව බැස්සවීමට රියදුරු හා රිය සහයකවරයා කටයුතු කර තිබෙනවා.

එම පිරිසගේ කෑ ගැසීමට රැස්වූ ප්‍රදේශ වාසීන් හා පොලිසිය එක්ව බස් රථයේ  ගින්න නිවා දැමීමට කටයුතු කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් බස් රථය තුළ තිබූ මගීන්ගේ ගමන් මලු සහ භාණ්ඩ දැවී විනාශ වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *