පොළොන්නරුව දිස්ත්‍රික්කයට නව දිස්ත්‍රික් සංචාරක සැලැස්මක්

පොළොන්නරුව දිස්ත්‍රික් සංචාරක සැලැස්ම සකස් කිරීමේ පළමු වැඩමුළුව ඊයේ (14) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරයේ පවතින ගැටළු හා එහි උන්නතිය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡා කෙරුණු අතර අදහස් සහ යෝජනා ලබා ගැනීමද සිදුකෙරිණ.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනෙහි සම්පත් දායකත්වය රුහුණු විශ්වවිද්‍යාලයේ , මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ, රාජ්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඩී.එල්.ඒ.එච්. ෂම්මික ලියනගේ මහතා විසින් සිදු කරන ලද අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන්ද සංචාරක ක්ෂේත්‍රයට අදාළ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *