ධීවර අංශයේ ශීතකල සහ අධි ශීතකල මත්ස්‍යය නිශ්පාදන සංවර්ධනයට සාකච්ඡා
ශ්‍රී ලංකා ධීවර අංශයේ Cold Chain (ශීතකල සහ අධි ශීතකල මත්ස්‍යය නිශ්පාදන ) සංවර්ධනයට සහ පද්ධති නවීකරණයට, ලෝක බැංකු කණ්ඩායමක් සහ නෙදර්ලන්තයේ වෑගෙනිංගන් (Wageningen) විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් පිරිසක්, ධීවර අමාත්‍යවරයා සමඟ ඉතා වැදගත් සාකච්ඡාවක් පැවැත්වීය.
සාකච්ඡාවේ දී, දැනට ශ්‍රී ලංකාවේ අඩි 60ට අඩු බහුදින ධීවර යාත්‍රා බොහොමයක් අයිස් මත පමණක් රඳා පවතින බවත්, අභ්‍යන්තර ශීතකරණ පද්ධති නොමැතිකම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්නෙහි ගුණාත්මකභාවය ඉක්මනින් පිරිහෙන බවත් විශේෂඥයන් අවධාරණය කළහ.
අතිරේක අයිස් ප්‍රමාණය රැගෙන යාම නිසා බෝට්ටුවල ඉන්ධන වැය ඉහළ යාමත්, ගුණාත්මකභාවය පවත්වා ගැනීමේ අසමත්භාවයත් මූලික ගැටලු ලෙස හඳුනාගන්නා ලදි.
එමෙන්ම, ශ්‍රී ලංකා ධීවර සංස්ථාව (CFC) අවශ්‍යයතාවට සරිලන ලෙස නොපවතින බවත්—මෙට්‍රික් ටොන් 800 ක ශීතගබඩා සහ ටොන් 7.5 ක බිම් ශීතකරණය ප්‍රතිසංස්කරණය කළ යුතු බව වාර්තා විය.
ශ්‍රී ලංකා ධීවර අංශය මුහුණ දෙන ප්‍රධාන ගැටලු, අයිස් මත පදනම් වූ වත්මන් ක්‍රම නිසා මත්ස්‍ය අස්වැන්නෙහි ආයු කාලය හා තත්ත්වය පිරිහෙයි. අතිරේක අයිස්වල බර නිසා ඉන්ධන පරිභෝජනය වැඩිවේ. ප්‍රධාන වරායන් සහ මධ්‍යම මත්ස්‍ය වෙළඳපොළවල සුදුසු ශීතාගාර ගබඩා පහසුකම් නොමැත. අවසාන සැපැයුම් (ත්‍රිරෝද) සහ මධ්‍යම දුර ප්‍රවාහනය සඳහා අධිශීතකරණ පහසුකම් ප්‍රමාණවත් නොවේ.
මෝසම් කාලයේදී තාවකාලික ගබඩා පහසුකම් නොමැතිකමෙන් මිරිදිය ජලාශ ආශ්‍රිත ධීවරයින් විශාල පාඩු ලබති දැනට ඉදිරිපත් කළ කෙටි කාලීන විසඳුම් සූර්ය බලයෙන් හෝ වෙනත් පුනර්ජනනීය බලයෙන් ක්‍රියාත්මක වන අධි ශීතකරණ පද්ධති අඩි 60ට අඩු බෝට්ටු සඳහා හඳුන්වාදීම.
ප්‍රධාන ධීවර වරායන් සහ පෑලියගොඩ වෙළඳපොළට සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන ශීතගබඩා සහ අයිස් ගබඩා ස්ථාපිත කිරීම. CFC ශීතගබඩා පද්ධති තාප ප්‍රතිරෝධ, සම්පීඩක කාර්යක්ෂමතාව, සූර්ය යෙදවුම් ආදිය වැඩිදියුණු කිරීම ධීවර නිෂ්පාදන බහුල කාලවලදී ධීවරයින්ට කුඩා සූර්ය බලශක්ති ශීතකරණ සැපයීම නගර බෙදාහැරීම සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ශීතකරණ ත්‍රිරෝද රථ හඳුන්වාදීම.
මධ්‍යම දුර ප්‍රවාහනය සඳහා සූර්ය ආරෝපණ පහසුකම් සහිත අධිශීතකරණ ලොරි හඳුන්වාදීම. සිල්ලර වෙළඳසැල් සඳහා අඩු වියදම් සූර්ය ශීතකරණ හා අධිශීතකරණ ප්‍රවර්ධනය. වරායන් ත්‍රිත්වයක් හෝ ජලාශ කිහිපයක් තෝරා ගනිමින් නියමු ව්‍යාපෘති (pilot projects) ක්‍රියාත්මක කිරීමටත්,
මෙම වැඩසටහන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35ක අරමුදලක් වෙන් කිරීමටත් සාකච්ඡා කිරීමට ලෝක බැංකුව සහ විශේෂඥයින් එකඟත්වය පළ කළහ. මෙම සාකච්ඡාවට ලෝක බැංකුවේ නියෝජිතයින්, නෙදර්ලන්ත වෑගෙනිංගන් විශ්වවිද්‍යාලයේ විශේෂඥයින්, ධීවර අමාත්‍යාංශ ලේකම් සහ උසස් නිලධාරීන් සහභාගී වූහ.
