2026 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් සම්මතයි

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් පාර්ලිමේන්තුවේදි ඊයේ (14) සම්මත විය. අද ප.ව 6.20 ට පමණ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් ද විරුද්ධව ඡන්ද 42ක්ද හිමි වූ අතර, ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 08 කි.

2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 08 සිට අද (14) දක්වා, දින 6 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි.

මේ අනුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා දින 17 ක් පැවැත්වේ. මේ අනුව 2026 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 05 වැනිදා  ප.ව 6.00 ට පැවැත්වීමට නියමිතය.

END/GONP/MMP/15112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed