බඹර ප්‍රහාරයකින් සරසවි සිසුන් 6ක් රෝහලේ – හිරුණි ලක්ෂිකා

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසකට අද (14) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ සිසුන් 06 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

බඹර ප්‍රහාරය සිදුව ඇත්තේ, බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සදහා පැමිණි සිසුන් පිරිසකට බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තේ වතු ආශ්‍රිතව ක්ෂේත්‍ර චාරිකාවක නියැලී සිටියදී තේ වත්තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී තමන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ බව තුවාල ලැබූ සිසුන් පවසනවා.

මේ දිනවල වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ප්‍රායෝගික වැඩමුළුව සදහා විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් රැසක් පැමිණ සිටින බවද සඳහන්.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *