ආතර් සී. ක්ලාක් ආයතනයට වසර 40ක් සපිරේ!

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයට වසර 40ක් සපිරීම වෙනුවෙන් වූ විශේෂ සැමරුම් වැඩසටහන් මාලාවේ සමාරම්භය විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ සිදු කෙරිණි.

අග්‍රගණ්‍ය අභ්‍යාවකාශ විද්‍යාඥ ආතර් සී. ක්ලාක් මහතා අනුස්මරණය කිරීමක් මෙන්ම, ආයතනයට හා රටට කීර්තියක් ගෙන දෙමින් විශේෂ පර්යේෂණ සිදුකළ විද්‍යාඥයින් ඇගයීම වෙනුවෙන් සහ ආයතනයේ දීර්ඝ කාලීන සේවය ඇගයීම වෙනුවෙන් මෙහිදී සම්මාන හා සහතිකපත් ප්‍රදානයක් ද අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මෙහි දී සිදු විය.
මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් පැස්කුවෙල් මහතා විශේෂ දේශනයක් පැවැත් වූ අතර, විද්‍යාත්මක ඉදිරිපත් කිරීම් කිහිපයක් ද සැමරුම් උත්සව මාලාවට ඇතුළත් වී තිබිණි.

ආයතනයේ 40 වන සංවත්සරය හා ජාතික විද්‍යා සතිය වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනයක් සහ විවෘත මහජන දිනයක් ද සංවිධාන කර තිබිණි.

END/GONP/MMP/14112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *