“ආචාර ධර්ම, පාලනය සහ පර්යේෂණ අඛණ්ඩතාව: විද්‍යාත්මක පර්යේෂණයේ මූලික අංගයකි” තේමා කරගත් විශේෂ වැඩසටහනක්

“ආචාර ධර්ම, පාලනය සහ පර්යේෂණ අඛණ්ඩතාව: විද්‍යාත්මක පර්යේෂණයේ මූලික අංගයකි” තේමා කරගත් විශේෂ වැඩසටහනක් ඊයේ (13) කොළඹදී  පැවැත්විණි.

කෘතිම බුද්ධිය, ජාන විද්‍යාව සහ දත්ත විද්‍යාව වැනි නැගී එන තාක්ෂණයන්හි සන්දර්භය තුළ දී පර්යේෂණ ආචාර ධර්ම, පාලනය සහ අඛණ්ඩතාව පිළිබඳ තීරණාත්මක ගැටලු සම්බන්ධයෙන් පර්යේෂකයින්ගේ සහ ප්‍රතිපත්ති සම්පාදකයිනගේ අවධානය මෙහිදී යොමු විය.

මහාචාර්ය අතුල සුමතිපාල (විද්‍යාත්මක පර්යේෂණවල සුසමාදර්ශී මාරුව), විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ( සෞඛ්‍ය අංශයෙන් ඉගෙනුම්), මහාචාර්ය සිරිල් විජේසුන්දර (ජෛව විවිධත්ව සංරක්ෂණය පිළිබඳ ආචාර ධර්ම), මහාචාර්ය චාන්දනී වනිගතුංග (ආචාර ධර්ම සමාලෝචන කමිටු (ERCs): ක්‍රියාවලි සැලසුම් කිරීම සහ පුහුණු අවශ්‍යතා), ආචාර්ය බුද්ධික ප්‍රනාන්දු (AI, ජාන විද්‍යාව සහ දත්ත ආචාර ධර්මවල විද්‍යාත්මක හා දාර්ශනික පදනම), ආචාර්ය ආසිරි හේවාමලගේ (පර්යේෂණවල පාර්ශවකරුවන් සහ ප්‍රජාවන් සම්බන්ධ කර ගැනීම), ආචාර්ය ඔෂිනි ජයසිංහ මහත්මිය (පර්යේෂණ ප්‍රමුඛතා සැකසීම) යන විද්වතුන් මෙහිදී විශේෂ දේශන පැවැත්වූහ.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, විද්‍යාඥයින් පර්යේෂණවේදීන් ඇතුළු පිරිසක් එක්විය.

END/GONP/MMP/14112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *