පොළොන්නරුවට විශේෂ මූල්‍ය සමථ මූල මණ්ඩලයක්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂ ආරවුල් (මූල්‍ය ) සමථ මූල මණ්ඩලයේ සමථකාරවරුන් සඳහා පත්වීම් ලබාදීමේ වැඩසටහනක් ඊයේ (12) දින පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නදුල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

අධිකරණ අමාත්‍යංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාව මගින් ලබා දුන් විධිමත් පුහුණුව සාර්ථකව අවසන් කල සමථකරුවන් 22 නෙකු සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා විසින් මෙම පත්වීම් ලිපි ප්‍රධානය කරන ලද අතර මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික් විශේෂ ආරවුල් (මූල්‍ය ) සමථ මූල මණ්ඩලයේ සභාපති ලෙස ජනිත ප්‍රදීප් දිසානායක මහතා පත්වීම් ලැබීය.

මෙම අවස්ථාවයට සමථ මණ්ඩල කොමිෂන් සභාව නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී චින්තන හේරත් මහතා සහ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමථ සංවර්ධන නිලධාරි ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

END/GONP/MMP/13112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *