ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීමට අයදුම්පත් කැදවීම ඇරඹේ

“තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව” හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධ ගැසට් නිවේදනය පසුගියදා (07) නිකුත් කරන ලදී.

ඒ සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතු වේ. 2025.11.07 දින පෙ.ව. 10.00 සිට 2025.11.28 දින රාත්‍රී 12.00 දක්වා යොමු කරන ලද අයදුම්පත් පමණක් ඒ සඳහා වලංගු වේ.

END/GONP/MMP/10112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *