මධ්‍යම කදුකරයට ඝන මීදුම් තත්වයක් හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා – හිරුණි ලක්ෂිකා

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට ඇද හැලෙන වර්ෂාව සහ ඝන මිදුම් තත්වය හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබෙනවා.

හැටන් – නුවරඑලිය, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝන මීදුම් තත්වය පවතින බවයි සඳහන් වන්නේ.

එම මාර්ගවල රථ වාහාන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *