ඉවතලන ප්ලාස්ටික් බෝතල් මූඩීවලින් නිර්මාණය කරන ලද වේදිකා බංකුවක් මරදාන දුම්රිය ස්ථානයට

අක්‍රමවත් ලෙස බැහැර කරන ලද ප්ලාස්ටික් බෝතල්වල මූඩි  භාවිතා කරමින් අලංකාර මගී ආසනයක් නිර්මාණය කරන්නට කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් සමත් වී ඇත. එම මගී ආසනය නොවැම්බර් මස 05 දා මරදාන දුම්රිය ස්ථානයට ලබාදීමට කටයුතු කර ඇත.

මරදාන දුම්රිය ස්ථානයේ හා දුම්රිය මාර්ගවල අක්‍රමවත් ලෙස බැහැර කරන ලද ප්ලාස්ටික් බෝතල්වල මූඩි ඵලදායීව භාවිතා කරමින් ,  කැලණිය විශ්වවිද්‍යාලීය ZeroPlastic සමාජයේ, Community engagement avenue විසින්  සංවිධානය කරනු ලබන Bloom Morph ව්‍යාපෘතිය මඟින් Katana Upcycl‍ ආයතනයේද සහයෝගය ඇතුව, මරදාන දුම්රිය ස්ථානයේද පූර්ණ  අධීක්ෂණය සහිතව  මරදාන දුම්රිය ස්ථානයේ හා දුම්රිය මාර්ගවල තිබූ ප්ලාස්ටික් බෝතල් මූඩි භාවිතයෙන් මගී ආසනයක් නිර්මාණය කර ඇත.

පරිසර අපවිත්‍ර කරන මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ක්‍රමානුකූලව භාවිතා කරමින් ඵලදායී නවෝත්පාදනයක් සිදුකිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූ අතර එදින එම වේදිකා බංකුව මරදාන දුම්රිය ස්ථාන අධිකාරී කපිල පුෂ්පකුමාර මහතාගේ සුරතින් මරදාන දුම්රිය ස්ථානයේ දී මගී ජනතාවගේ භාවිතය උදේසා විවෘත විය.

END/MMP/08112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *