මහ මුහුදේදී ශ්‍රී ලාංකීය ධීවරයන්ගේ ජීවිත හානි වලක්වා ගැනීමට ඉන්දියාවේ සහය ඉල්ලයි
මහ මුහුදේදී ශ්‍රී ලාංකීය ධීවරයන්ගේ ජීවිත හානි වලක්වා ගැනීමට ඉන්දියාවේ අභ්‍යාවකාශ පර්යේශණ ආයතනයේ (ISRO) තාක්ෂණය ලබා දෙන ලෙස ඉන්දියානු මහ කොමසාරිස් තුමාගෙන් අද (06) ඉල්ලා සිටියෙමි.
පසුගිය ජුනි මාසයේ තරුණ දේශපාලන නායකයින්ගේ ඉන්දියානු සංචාරය අතරතුර බැන්ග්ලෝරයේ ISRO ආයතනය නැරඹීමට අවස්ථාව ලද අතර එහිදී දැනගැනීමට ලැබුනේ අභ්‍යාවකාශ තරණයට අමතරව ඉන්දියාවේ ධීවරයින්ට මහ මුහුදේදී සිදුවන ආපදා චන්ද්‍රිකා තාක්ෂණයෙන් වැලැක්වීම සඳහා යොදාගන්නා DAT-SG (Distress Alert transmitter – Second Generation) පද්ධතිය ඔවුන් නිර්මාණය කර සාර්ථකව භාවිතා කරන බවයි.
ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යනය කිරීමෙන් පසු අද දින ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝශ් ජා මහතා මුණගැසී එම තාක්ෂණය ශ්‍රී ලංකාවේ ධීවරයින් වෙනුවෙන් ලබා දීමට කටයුතු කරන ලෙසත් අත්හදා බැලීම් කටයුතු පුත්තලම් දිස්ත්‍රික්කයේ මුහුදු තීරයෙන් ආරම්භ කරන ලෙසත් ඉල්ලා සිටියෙමි.
මීට අමතරව මත්ස්‍ය සම්පත නෙලා ගැනීම පහසු කරවන ඉන්දියානු NAVIC තාක්ෂණ මෘදුකාංගයද ශ්‍රී ලාකික ධීවර ප්‍රජාවට ලබා දෙන ලෙසත් මා මහ කොමසාරිස් වරයාගෙන් ඉල්ලා සිටියා
