දුම්වැටි 3800 ට රුපියල් ලක්ෂ දහයක දඩයක් – ප්‍රසාද් පුර්ණමාල්
කොස්වත්ත පොලිසියේ ප්‍රජා හා පරිසර ඒකකයට ලැබුන තොරතුරක් මත කොට්ටරාමුල්ල ප්‍රදේශයේ නිවසක කල සෝදිසියකදී විදේශ නිෂ්පාදිත දුම්වැටි 3800 ක් සමග
සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දහයක දඩයක් ගැසීමට නියෝග කර ඇත .
මේ දුම්වැටි ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන එන අතර පසුව හෝටල් ඇතුළු රාත්‍රී සමාජ ශලා ,ඇතුළු ස්ථාන වල ඇලවිය සදහා බෙදා හරිනු ලබයි .
නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතාගේ නියෝග පරිදි කොස්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් වර්ණකුල
මහතාගේ උපදෙස් පරිදි කොස්වත්ත පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේරත්න පොලිස් සැරයන් 31570 නිලන්ත යන මහත්වරු
මේ වැටලීම සිදු කර තිබේ .
