හෙට දිස්ත්‍රික්ක 04ක සුනාමි පෙරහුරුවක් – හිරුණි ලක්ෂිකා

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව ඉන්දියන් සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයක් හෙට මෙරට ස්ථාන පහකදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එබැවින් එදින සුනාමි ගැන අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

යුනෙස්කෝ නිල මාර්ගෝපදේශ යටතේ පවත්වනු ලබන මෙම පෙරහුරු වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ පහක් ඇතුළත් කර තිබෙනවා.

ප්‍රධාන ජාතික පෙරහුරු අභ්‍යාසය කළුතර දිස්ත්‍රික්කයේ පෙරවරු 8:30ට ආරම්භ කෙරෙන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *