බස්නාහිර පළාතේ හෝමාගම, හේනේවත්ත ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහනක්
ඩෙංගු අවදානම් කලාපයක් සහ මදුරු ඝණත්වය ඉහළ අගයක් ඇති ප්‍රදේශයක් බවට හදුනා ගන්නා ලද බස්නාහිර පළාතේ හෝමාගම, 482 C හේනේවත්ත ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරන ලදි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම ප්‍රාදේශීය සභාව සහ සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනය එක්ව මෙම විශේෂ මදුරු මර්දන ක්‍රියාවට නංවන ලද අතර, හේනවත්ත සේවා පියස ක්‍රිඩාංගණය අසලින් ආරමිභ වු මෙම විශේෂ මඳුරු මර්දන වැඩසටහන “ඩෙංගු සහ චිකුන්ගුන්යා පරදවමු” යන තේමා පාඨය යටතේ ක්‍රියාත්මක කරන ලදි.
මෙහි දී ප්‍රදේශයේ නිවාස, පොදු ස්ථාන, ඉදිකිරීම් පරිශ්‍ර, ආගමික ස්ථාන, කර්මාන්ත ශාලා, ආයතන ඇතුළු පරිශ්‍ර වල මදුරුවන් බෝවිය හැකි ස්ථාන හදුනා ගැනීම පරීක්ෂාව සහ මදුරුකීටයින් විනාශ කිරීමට කටයුතු කිරීම, ගෙයින් ගෙට ගොස් නිවැසියන් දැනුවත් කිරීම, ස්ටිකර් සහ පෝස්ටර් මගින් ජනතාවට දැනුවත් කිරීමේ උපදෙස් ලබාදීම, රතු නිවේදන නිකුත් කිරීම, නීති මගින් ක්‍රියා කිරීමට කටයුතු කිරීම, යන කටයුතු සිදු කරන ලදි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා මෙහි දී ප්‍රකාශ කලේ පුද්ගලික අංශයත්, රාජ්‍ය අංශයත් එක්ව ක්‍රියාත්මක කරන මෙවැනි ප්‍රජා සහභාගීත්ව ඩෙංගු මර්දන වැඩසටහන් කාලීන අවශ්‍යතාවක් බවයි. සෞඛ්‍ය අංශයට පමණක් ඩෙංගු මර්දනය කල නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙන ලදි.
බස්නාහිර පළාතේ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීම වැඩි අගයක් ගන්නා ප්‍රදේශයක් බවට මෙම ප්‍රදේශය හඳුනා ගැනීමෙන් පසු මෙම විශේෂ මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කළ බවත්, ඉදිරියටත් මෙවැනි මදුරු මර්දන වැඩසටහන් මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් කටයුතු සිදු කරන බව ද එ් මහතා පැවසීය.
ඩෙංගු මර්දනය පිණිස ප්‍රජාව සවිබල ගැන්වීම සදහා නව ප්‍රචාරණ ව්‍යාපෘතියක් සහ ප්‍රජා පාදක ක්‍රියාකාරකම් මාලාවක් අඩංගු ව්‍යාපෘතියක් පසුගිය අගොස්තු මස ආරම්භ කළ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව සොෆ්ලොජික් ලයිෆ් ආයතනය මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. එම වැඩසටහන ඩෙංගු අධි අවදානම් සහිත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මයා, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය, ජාතික ඩෙංගු මදුරු මර්දන ව්‍යාපාරයේ නිලධාරීන්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල නියෝජනය කරමින් නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ග්‍රාමීය කමිටු නියෝජනය කරමින් නියෝජිතයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන අධිකාරිය හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ප්‍රදේශවාසී ජනතාව එක්ව සිටියහ.
