සන්නිවේදනය පිළිබඳව දෙළපිහිල්ල දරුවන්ට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් වැඩමුළුවක්
සන්නිවේදනය සහ මාධ්‍ය සාක්ෂරතාව පිළිබදව පුහුණු වැඩමුළුවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ මෙහෙයවීමෙන් පූජාපිටිය, දොළපිහිල්ල මහ විදුහලේ දරු දැරියන් සඳහා ඉකුත්දා සිදු කෙරිණි.
විදුහලේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන උසස් පෙළ දරුවන් සහ එම විෂය හැදෑරීමට අපේකෂා කරන සාමාන්‍ය පෙළ විෂය හදාරන දරුවන් වෙනුවෙන් පැවැති පුහුණු වැඩසටහන මෙහෙයවන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ප්රවෘත්ති නිලධාරී තනූජ කේ. අබේසේකර මහතා විසිනි.
පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධාන කරන සංස්කෘතික වැඩසටහනට සමගාමීව මෙම පුහුණු වැඩසටහන ප්‍රාදේශීය ලේකම් ශාලීකා දීගල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකරන ප්‍රජා සත්කාර වැඩසටහන්වලට සමගාමීව මෙම පුහුණු වැඩමුළුව සංවිධාන කොට තිබිණි.
සහකාර ප්‍රාදේශීය ලේකම් සකුන්තලා රත්නායක, විදුහල්පති ඒ.ජී.ශාලිකා ශ්‍රියානී, පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීන් වන ගීතානී දසනායක, භද්‍රා මොරේමඩ, චිත්‍රානී හේරත්, සමථ නිලධාරී දීපසිකා විජේරත්න, සංවර්ධන නිලධාරී නේත්‍රා තුෂාරී යන මහත්මීන් මෙම අවස්ථාවට සහභාගීවූහ.
