වන සුරැකුම ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද සිට – නිශිකා හංසනී

ස්වභාවික වන සම්පත සංරක්ෂණය කිරීමේ අරමුණින් ‘වන සුරැකුම‘ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද (03) සිට ක්‍රියාත්මක වන බව පරිසර අමාත්‍යංශය පවසයි.

මෙම මෙහෙයුම් ඒකකය පැය 24 පුරා ක්‍රියාත්මක 1995  කෙටි දුරකතන අංකය ඔස්සේ ක්‍රියාත්මක වේ.

පරිසර අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන මෙම ඒකකය සඳහා  වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයන්ගෙන් යුක්ත වනු ඇත.

මේ ඔස්සේ ලංකාවේ වනාන්තර පද්ධතිවලට සහ ඒ ආශ්‍රිතව සිදුවන හානි තත්ත්වයන් පිළිබඳව මහජනතාවට තොරතුරු ලබා දිය හැකි බවද අමාත්‍යාංශය පවසයි.

වැඩිවන වන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමත්, එම අපරාධ මැඩලීමේ මෙහෙයුම් සිදු කිරීමත්, මහජනතාවට විශ්වාසනීයත්වයෙන් යුතුව තොරතුරු ලබා දිය හැකි පසුබිමක් සැකසීමත් සඳහා ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, වන ජීවී සංරක්ෂණ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නියෝජනය වන පරිදි, නිලධාරීන්ගෙන් සැදුම්ලත්ව මෙම මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක කරවීමට අපේක්ෂිතය.

ඒ අනුව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙහෙයුම් ඒකකය අද විවෘත කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *