වතිකානු විදේශ අමාත්‍ය අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් හෙට දිවයිනට
ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් හෙට (03) දිවයිනට පැමිණෙන අතර, එළැඹෙන 08 වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත.
ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදු කෙරේ.
රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට එළැඹෙන 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ අනුස්මරණ උත්සවයක්ද කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙන අතර, එහිදී අගරදගුරු ගැලගර් හිමිපාණන් දේශනයක්ද පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුරදී, අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය හමුවන අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟද නිල සාකච්ඡා පවත්වනු ඇත.
END/MMP/02112025
