රජරට සරසවි ආචාර්ය වර්ජනය දිගටම – හිරුණි ලක්ෂිකා

රජරට විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය විසින් පසුගියදා 30 වනදා ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කොට තිබෙනවා.

ඒ විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයෙකු පත්කර ගැනීමේ ක්‍රියාවලිය තුළ සිදුව ඇති ගැටලු‍කාරී තත්වයන් හේතුවෙන්.

ඊයේ අනුරාධපුරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් එම සංගමයේ සභාපති මහාචාර්ය නාලක ගීගනගේ කියා සිටියේ වත්මන් වැඩ බලන උපකුලපති සහ ලේඛකාධිකාරීතුමිය අත්තනෝමතික ලෙස උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක්ද පළ කර ඇති බවයි.

මෙම ගැටලු‍ව විසදීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතුබවයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *