ආරක්ෂක හේතූන් මත මන්ත්‍රීවරු ගිනි අවි ඉල්ලා සිටිති!

තමන්ගේ ආරක්ෂාව සඳහා යැයි පැහැදිළි කරමින් මන්ත්‍රීවරුන් 20 දෙනෙකු වීසින් ගිනිඅවි නිකුත් කරන ලෙස  ඉල්ලීම්කර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශවලින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව සඳහන් වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගියදා පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කථානායකවරයා මෙන්ම පොලිස්පතිවරයාද එකඟතාව පල කළේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ගිනිඅවි ලබාදීමට තීරණය කර නොමැති අතර පවතින තර්ජන සම්බන්ධයෙන් සිදුකරන විශ්ලේෂණයකින් පසුව ගිනිඅවි නිකුත් කිරීමට තීරණය කර ඇත.

END/MMP/01112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *