කුලී රථ නියාමනයට දත්ත රැස් කිරීම අද සිට – හිරුණි ලක්ෂිකා

කුලී රථ ගමන්සේවා නියාමනය කිරීමේ පළමු අදියර යටතේ දත්ත රැස් කිරීමේ කටයුතු අද ආරම්භ වනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික කමාන්ඩර් නිලාන් මිරැන්ඩා කියා සිටියේ, ඒ අනුව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ, පාසල්, කාර්යාල, විශේෂ චාරිකා සහ කුලී රථ හිමිකරුවන්ගේ සහ ධාවකයින්ගේ තොරතුරු මේ අනුව රැස්කිරීමට නියමිත බවයි.

මෑතකදී සම්මත වූ 2025 අංක 08 දරණ ගමනාගමන කොමිෂන් සභා සංශෝධිත පනත යටතේ මෙම කටයුතු සිදු කෙරෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *