ගොවි විරෝධය හමුවේ සතොස ලොකු ලූනු මිලදීගැනීමේ නිර්ණායක ලිහිල් කරයි – හිරුණි ලක්ෂිකා
ලොකු ලූනු සඳහා තවමත් වෙළෙඳපොලේ නිසි මිලක් නොමැති බව උතුරු මැද පළාතේ ගොවීන් චෝදනා කරනවා.
මේ වන විට පොළොන්නරුව ඇළහැර ගොවි ජනපද ව්‍යාපාරයට අයත් ඉකිරිවැව, ජයසිරිපුර, සරුබිම හා නිකපිටිය ප්‍රදේශයන්හි ගොවි ජනතාව මෙවර යල කන්නය යටතේ අක්කර 500කට ආසන්න වගා බිම් ප්‍රමාණයක ලොකු ලූනු වගා කර මේ වනවිට අස්වනු නෙලා අවසන්.
කෙසේ වෙතත්, සිය අස්වැන්න නිසි මිලකට අලෙවි කරගැනීමට නොහැකි බවයි ලොකු ලූනු ගොවීන් සඳහන් කළේ.
මේ අතර, ලොකු ලූනු මිලදීගැනීම සම්බන්ධයෙන් ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී ඩී.එල්. මාලගේ අදහස් පළ කළ අතර ඔහු කියා සිටියේ, ඒ සඳහා කිසිදු නිර්ණායකයක් ඇතුළත් කර නොමැති බවයි.
