ශ්‍රී ලංකා රේගුවෙන් ට්‍රිලියන 02ක ආදායමක්!

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම අද ඔක්තෝබර් මස 30වන දා සවස වනවිට රුපියල් ට්‍රිලියන දෙකේ කඩඉම ඉක්මවා ගොස් ඇති බව, රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්රකාශකර ඇත.

2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2.115 වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ළඟා වෙමින් සිටින බවත් , රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුව වසරක දී එකතු කරන ලද වැඩිම ආදායම සනිටුහන් කරමින් රේගුව මෙම වාර්ථාගත ආදායම ලබා තිබීම සුවිශේෂී බවත් ඔහු පෙන්වා දෙයි.

ලබාගත් මෙකී ආදායම්වලින් රුපියල් බිලියන 630ක්ම අන්තර්ගතව ඇත්තේ මෝටර් රථවලින් වලින් පමණක් වන අතර, ඒ අනුව වසර අවසන් වනවිට ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 300ක් පමණ අතිරේකව එක්රැස් කරගැනීමට හැකිවනු ඇතැයි ද රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්රකාශ කළේය.

END/MMP/31102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *