රටම එකට විෂ මත්ද්‍රව්‍ය දුරැලීමේ රාජ්‍ය සේවක ප්‍රතිඥාව මහනුවර දී… – නදීක දයා බණ්ඩාර

විෂ මත්ද්‍රව්‍ය පරාජය කරන රටම එකට ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික් රාජ්‍ය සේවක ප්‍රතිඥා ලබාදීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (30) පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව ප්‍රතිඥා ලබාදිම සිදුවිය.

මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ මහත්මිය ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කාර්යය  මණ්ඩලය මෙම අවස්ථාව සඳහා එක්වූහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *