රනිල් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට – හිරුණි ලක්ෂිකා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ධූරය දැරූ සමයේ රජයේ අරමුදල් පෞද්ගලික සංචාරයකට යෙදවීම සම්බන්ධයෙන් වන නඩුව අද (29) යළි කැඳවීමට නියමිතයි.

ඒ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.

ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්වයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රජයට රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනු කර තිබුණා.

මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු නමුත් ඔහුගේ රෝගී තත්ත්වයක් සැලකිල්ලට ගෙන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

සිද්ධියට අදාළ නඩුව අගෝස්තු මස 26 වැනිදා නැවත කැඳවූ අවස්ථාව වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊට එක්වූයේ ස්කයිප් තාක්ෂණය ඔස්සේයි.

ඒ අනුව එදින ඔහුට ඇප නියම වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed