යුරෝපා සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රවර්ධන වැඩසටහන් රැසක්
යුරෝපීය රටවලින් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට රජය මැදිහත් වන බවත්, ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි වැඩබලන කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (28) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
යුරෝපා රටවල්වලින් වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණෙන බවත් සංචාරකයින්ගේ පැමිණීම ප්‍රතිශතයක් ලෙස ගත් විට යුරෝපා සංචාරකයින් වැඩි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පසුගිය රටවල ස්කැනේඩියානු , එක්සත් රාජධානිය ,ඔස්ටේලියාව , නවසීලන්තය වැඩි රටවල් සඳහාද ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් සිදුකළ බවත් එම රටවල සංචාරකයන් පැමිණීමේ සැළකිය යුතු වර්ධනයක් ඇති බවද හෙතෙම පැවසීය.
