බඹරැල්ල මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් -මොහොමඩ් ආසික් සහ නදීක දයා බණ්ඩාර

මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා බොහෝ කඳුවල පස් කණ්ඩි කඩා වැටීමේ සහ ගල් පෙරළීමේ අවදානමක් පවතී.

මහනුවර පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බඹරැල්ල මාර්ගයට  ගල් පෙරළී තිබූ අයුරු මෙම ඡායාරූපවලින් දැන්වෙයි. මෙලෙස මෙම මාර්ගයේ ස්ථාන කිහිපයකින්ම ගල් පෙරළී ඇති අතර පස් කණ්ඩි කඩා වැටී තිබෙනු දැකිය හැකිය. මෙම මාර්ගයේ මෙම අනතුර තව දුරටත් පවතින බව ප්‍ර දේශයේ ජනතාව පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *