ආරක්ෂාව පිලිබදව නොසැලකිල්ල හේතුවෙන් තරුණයෙක් කන්ටේනරයක් තුල මරණයට
හලාවත ආරච්චිකට්ටුව ආනවිළුන්දාව ප්රදේශයේ සෙවිලි තහඩු කර්මාන්ත ශාලාවක කන්ටේනරයක් තුල සෙවිලි තහඩු වලට සිරවී තරුණයෙකු මියයාමේ
සිදුවීමක් වාර්තා වේ .
28 දහවල් මේ අනතුර සිදුව තිබේ . මේ අනතුරින් මියගොස් ඇත්තේ උඩප්පුව ග්රාමයේ පදිංචි ගාන්දිපන් ශෂිදරන් (18 ) නමැති තරුණයෙකි . මොහු මේ කර්මාන්ත
ශාලාවේ අනියම් සේවකයෙකු ලෙස වැඩ කර ඇත .
මේ තරුණයා ඇතුළු තවත් තරුණයන් තිදෙනෙකු කන්ටේනර් රථයකට සෙවිලි තහඩු පටවා පසුව එම කන්ටේනර් රථයේම නැග තවත් ස්ථානයකට මේ සෙවිලි
තහඩු ගොඩ බෑමට යාමේදී කන්ටේනර් රථයේ රියදුරා තිරිංග පගා ඇති අතර එහිදී සෙවිලි තහඩු වලට හිරවී මේ තරුණයා බරපතල තුවාල ලබා ආනවිලුන්දාව
ග්රාමීය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත .
මේ අනතුරට ප්රධාන හේතුව නොසැලකිලිමත් බව යැයි ප්රදේශවාසීන් පැවසුහ . එසේම මියගිය තරුණයාගේ ඥාතින් කියා සිටියේ තරුණයා මේ අනතුරට පත්වන අවස්ථාවේ
කිසිදු ආරක්ෂිත උපකරණයක් පැළද නොසිට ඇති බවයි .මේ පිළිබදව ආනවිලුන්දාව පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත
