විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටත් ඉදිරියේදී ඡන්ද අයිතිය – හිරුණි ලක්ෂිකා
Image ref 89135041. Copyright Shutterstock No reproduction without permission. See www.shutterstock.com/license for more information.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයද මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බවය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් අද (27) පැවැති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා,
“දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා විදේශගත ඔබට ඡන්දය ලබාදීමට අවශ්‍ය කරන පහසුකම් සලසලා ඊට අවශ්‍ය කරන නෛතික තත්ත්වය ඇති කරන්න. විදේශ ගත ඔබ සියලු දෙනාට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදෙන්න අවශ්‍ය කරන නෛතික සම්පාදනයන් සිදුකරමින් තියෙනවා.”
