ලූවර් කෞතුකාගාරයේ සොරකමට දෙදෙනෙක් අත්අඩංගුවට – හිරුණි ලක්ෂිකා

පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් වටිනා ආභරණ සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය පවසයි.

ප්‍රංශ මාධ්‍යයට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර, ඔවුන් මීට පෙරද සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති අය බව සඳහන්.

මෙසේ අත්අඩංගුවට ගත් අයගෙන් එක් අයෙකු එරට චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළෙන් ගුවන් යානයකට ගොඩවීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ලොව වැඩිම පිරිසක් නැරඹීමට පැමිණෙන කෞතුකාගාරය වන ලූවර් කෞතුකාගාරයේ යුරෝ මිලියන 88කට අධික වටිනාකමක් ඇති ආභරණ රැසක් පසුගිය ඉරිදා සොරකම් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed