ව්‍යාජ whatsApp සමූහයක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් – හිරුණි ලක්ෂිකා

“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව” මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් Whatsapp සමූහ ජාලයක් පවත්වා ගෙන යන බව නිරීක්ෂණය වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම Whatsapp සමූහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන අතර එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

එමෙන් ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙසත් අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *