ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හමුදා වාහන නවීකරණය කර නැවත සේවයට !

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් යටතේ යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වීතිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි නවීකරණය කර අද (24) සිට නැවත යුද්ධ හමුදාවේ භාවිතයට යොදා ගැනීමට කටයුතු කර තිබේ.

යුද්ධ හමුදාධිපතිවරයාගේ උපදෙස් මත ගනු ලැබූ මෙම පියවර නිසා  මෙම වාහන නැවත යුද්ධ හමුදාවේ සේවය සඳහා එක් කිරීමට හැකිවීම තුළින් යුද්ධ හමුදාව සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබී ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ට්‍රක් රථ, බස් රථ, වතුර බවුසර්, යුනි බෆල් රථ, කැබ් රථ, ගිලන් රථ, වෑන් රථ, ගලි බවුසර් ඇතුළු වාහන 76ක් මෙලෙස නවීකරණය කර යළි සේවයට එක් කර තිබේ.

මෙම වාහන නැවත භාවිතයට යෙදවීම හරහා යුද්ධ හමුදාව විසින් කුලී ගෙවීමේ පදනම මත ලබා ගන්නා ලද වාහන සඳහා මාසිකව වැය කරන රුපියල් මිලියන 10ක පමණ මුදල් ප්‍රමාණයක් රජයට ඉතිරි කර දීමට හැකි බවද සඳහන් වේ.

Pix:Aruna.lk
END/MMP/24102025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *