බඹරු ඇවිත් 5ක් රෝහලේ – පහන් සිතුමිණ
තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (24) දින බඹර ප්රහාරයක් එල්ල වී ඇති අතර තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 04 දෙනෙකු සහ එක් කම්කරුවකු ඇතුළු පස් දෙනෙකු බගවන්තලාව ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් සැන්විජස් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකටයි මෙසේ බඹර ප්රහාරය එල්ල වී ඇත්තේ.
තේ පඳුරක් මත බැඳ තිබූ බඹර කුඩුවක් කාන්තාවකගේ පයේ පෑගීමෙන් පසු බඹරුන් ඇවිස්සී සෙසු වතුකම්කරුවන්ට පහර දී ඇති බව ද රෝහල් ආරංචිමාර්ග පවසනවා.
