කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක් – නිෂිකා හංසනී

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත් හිටුවීමට සිදුවන නිසා අඹතලේ ජල පවිත්‍රාගාරය මගින් සැපයෙන ජලය අත් හිටුවීමට සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් හෙට දිනයේ අද (23) උදෑසන 10 සිට පස්වරු 8ට දක්වා පැය 10ක කාලයක් පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

එම ප්‍රදේශවන්නේ, බත්තරමුල්ල, මිරිහාන, මාදිවෙල , නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH , කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව යන ප්‍රදේශයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *