නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගුරු විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් රට පුරා
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් රට පුරා පළාත් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව, මානව සම්පත් සංවර්ධන වැඩසටහන යටතේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන නායකත්ව සංවර්ධන කළමනාකරණ පීඨය මගින් සංවිධානය කරන ලද සිංහල මාධ්‍ය පාසල්වල විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ වැඩසටහන මේ දිනවල මීපේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රථමයෙන් 2026 වර්ෂයේ දී පළමු ශ්‍රේණියේ සහ හයවන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් හඳුන්වාදීමටත් කටයුතු සූදානම් කර ඇත.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු 05ක් යටතේ ක්‍රියාත්මක වීමට නියතමිත අතර, නව විෂය නිර්දේශයක් හඳුන්වාදීම, මානව සම්පත දියුණු කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම, මහජනතාව දැනුම්වත් කිරීම සහ නිසි තක්සේරුව සහ ඇගයීම එම කුළුණු වේ.
සාමාන්‍ය අධ්‍යාපනයට අවශ්‍ය විෂයමාලා සම්පාදනය මෙන්ම ගුණාත්මක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ ප්රමුඛ කාර්යභාරය ජාතික අධ්‍යාපන ආයතනයට පැවරී ඇත.
