ගම්පහ කහටෝවිට මුස්ලිම් බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ජනාධිපති කාර්යාලය නරඹති

ගම්පහ කහටෝවිට මුස්ලිම් බාලිකා විද්‍යාලයේ සිසුවියන්හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහන සඳහා සහභාගී වීමට ඊයේ (22) අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලාංකීය දරුවන් වශයෙන් සාමය, සමගිය, සංහිඳියාව සහ සහජීවනය ගොඩනංවා ගනිමින් ජීවිතය ජයග්‍රහණය කරගත යුතු බව  මෙහිදී සිසුවියන් ඇමතූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (දූෂණ විරෝධී) නීතිඥ කේ. එන්. එම්. කුමාරසිංහ මහතා පැවසීය.

මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම සංකේතවත් කරමින් තිළිණයක් ලෙස පාසල වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කෙරිණි.

ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, ගම්පහ කහටෝවිට මුස්ලිම් බාලිකා විද්‍යාලයේ විදුහල්පති එම්. එම්. එම්. සර්ජූන් යන මහත්වරුද, ගුරු මහත්ම-මහත්මීන්  ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

END/GONP/MMP/23102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *