2025 – විස්කම් ප්‍රභා ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්කම් ප්‍රභා – 2025 ප්‍රදර්ශනය හා වෙළඳපොළ, බස්නාහිර පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයේ බිම් මහලේදී ඊයේ (21) ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන්  ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

මෙම ප්‍රදර්ශනය බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර ඇති අතර ප්‍රදර්ශනය ඔක්තෝබර් 21 සහ 22 දෙදින පැවැත්වේ.

බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථාන 29ක දහසකට ආසන්න පුහුණුලාභී කාන්තා ව්‍යවසායකයන්ගෙන් තෝරගන්නා ලද ප්‍රදර්ශන භාන්ඩ 2000කට ආසන්න ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයේ ඇත.

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමත්, දිළිඳුකම තුරන් කිරීමත්, කාන්තාවන් සවිබලගැන්වීමත් මෙහි අරමුණයි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා, බස්නාහිර පළාත් ආන්ඩුකාරවර හනීෆ් යූසුප් මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.ජී. ප්‍රදීප් පුෂ්පකුමාර මහතා, බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දිනේෂා කුමාරි රාජපක්ෂ මහත්මිය, රාජ්‍ය නිළධාරීන්, බස්නාහිර පළාත් කාන්තා ව්‍යවසායකයින්, ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

END/GONP/MMP/22102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *