සාමාන්‍ය පෙළ උපකාරක පන්ති 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් – පහන් සිතුමිණ

2025 (2026) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, වැඩමුළු සහ සම්මන්ත්‍රණ පෙබරවාරි 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එසේම යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුව හොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය වරදකරුවකු ලෙස සැලකෙනවා.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ඒ පිළිබඳව ළඟම පවතින පොලිස් ස්ථානය හෝ පොලිස් මූලස්ථානය හෝ ශ්‍රී ලංකා විභාග දොපර්තමේන්තුව වෙත පහත දුරකථන අංක ඔස්සේ පැමිණිලි කළ හැකියි.

පොලිස් මූලස්ථානය : 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය : 119
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය : 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව : 0112784208, 0112784537

Leave a Reply

Your email address will not be published. Required fields are marked *