ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක් – හිරුණි ලක්ෂිකා

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අද රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ගිඟුරුම් සහිත වැසි සමඟ මෙලෙස ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි එහි දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed