78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව පොලිසියෙන් පැළ 25,000ක් රෝපණය කිරීමට පියවර

අදට යෙදී තිබෙන 78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ යෝජනාවකට අනුව පරිසර පොලිස් සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව, ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාවේ මූලිකත්වයෙන් දිවයින පුරා රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර, කරඳ, මී, කොස් සහ පළතුරු වැනි වටිනා ශාක පැළ 25,000ක් පමණ පොලිස් ස්ථාන වෙත බෙදාදීමට නියමිතය.

මෙහි නිල සමාරම්භක උත්සවය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පතිතුමාගේ සහභාගීත්වයෙන් පසුගියදා(02) පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ආරම්භ වූ අතර එහිදී, සංකේතාත්මකව බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 126කට පැළ 2,500ක් බෙදා දීම සිදු කෙරිණි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව, පැළ සම්පූර්ණ නිවැරදිව රෝපණය කිරීමට අවශ්‍ය උපදෙස් සමඟ දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත පැළ ප්‍රවාහණය කිරීමට සැලසුම් කර තිබේ. රෝපණය කළ පැළ සම්බන්ධව පසු විපරමක්ද ප්‍රජා පොලිස් සහ පරිසර ආරක්ෂණ දිසාව විසින් සිදුකරනු ලබයි.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ, පරිසර අලංකාරත්වය රැක ගැනීම හා ශාක ඝනත්වය වැඩි කිරීමයි. සමාරම්භක උත්සවයේදී ජනාධිපති අතිරේක ලේකම්, Clean Sri Lanka, මහජන ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, ප්‍රජා පොලිස් සහ පරිසර ආරක්ෂණ දිසාවගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රැසක් සහභාගී විය.

END/GONP/MMP/04022026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed