ශ්‍රී ලංකාව – ඕමානය අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහ්මද් අලි සායිද් අල් රශ්ඩි මහතා ඊ‍ය‍ේ  03 වන දා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමුවිය.

වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්වුණු මෙම හමුවේදී, ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවතින වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ අනාගත සහයෝගීතා අවස්ථා පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, මෙම වසරේ මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ආයෝජන සමුළුව සහ ජුනි මාසයේදී පැවැත්වෙන SRI LANKA EXPO 2026 ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය පිළිබඳව ද ඕමාන තානාපතිවරයා දැනුවත් කරන ලදී. එම අවස්ථාවන් සඳහා ඕමානයෙන් දූත පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන එන ලෙස අමාත්‍යවරයා ආරාධනා කළේය.

END/GONP/MMP/04022026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed