නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව නාවික හමුදාවෙන් ආචාර වෙඩිමුර
78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් පිදෙන සාම්ප්‍රදායික ආචාර වෙඩිමුර පැවැත්විය.
අද (04) මධ්‍යහ්න 12.00ට, ගාලු මුවදොර ඉදිරි මුහුදු තීරයේදී, නාවික හමුදාවට අයත් සයුර යුද නෞකාව මත මෙම ආචාර වෙඩිමුර සිදු කරන ලදී. ශ්‍රී ලංකාව 1948 වර්ෂයේ නිදහස ලබාගත් දා සිට, ජාතික නිදහස් දිනයට සමගාමීව නාවික හමුදාව විසින් ජාතියට සාම්ප්‍රදායික ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම සිදුකරනු ලබයි.
මෙම ආචාර වෙඩිමුරයට නාවික හමුදාවේ නිලධාරීන් 12 දෙනකු සහ සෙසු නිලයන් 80 දෙනකුගේ සහභාගිත්වය හිමිව තිබේ.
