දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ මෙරටට වැඩම කෙරේ

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ අද (04) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වැඩම කරවනු ලැබීය.

ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්යානයකින් මෙරටට වැඩම කරවන ලද මෙම ධාතූන්වහන්සේ අද පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතය.

ජනතාවට හෙට (05) සිට ලබන 11 වැනිදා දක්වා ගංගාරාම විහාරස්ථානයේදී ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව හිමිවෙයි.

END/GONP/MMP/04022026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed