ශිරන්ති රාජපක්ෂ අද FCIDයට: නාමල් CIDයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (03) දින පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාළව පැවැත්වෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂට පසුගිය 27 වැනිදා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

එහෙත්, ඇය සිය නීතිඥවරුන් මාර්ගයෙන් දැනුම් දී තිබුණේ තමාට එහි පෙනී සිටීම සඳහා සති දෙකක සහන කාලයක් ලබාදෙන ලෙසටයි.

ඒ අනුවයි, අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත්තේ.

මේ අතර, අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ බවට සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පසුගිය 26 වැනිදා දැනුම් දී තිබූණා.

එහෙත් ඒ වනවිට ඔහු ඉන්දියාවේ සංචාරයක යෙදී සිටීම හේතුවෙන් වෙනත් දිනයක් ඉල්ලා තිබූ බවයි වාර්තා වුණේ.

එමෙන්ම, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග ද ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ ලබාදී තිබුණේ කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ බවට සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed