කීරි සම්බා වැඩි මිලට විකිණූ වෙළෙන්දකුට ලක්ෂයක දඩයක් – පහන් සිතුමිණ
උපරීම සිල්ලර මිලට වඩා වැඩි මිලකට දේශීය කීරී සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධව වරද පිළිගත් වෙළෙඳ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඊයේ (02) නියම කළා.
මෙලෙස දඩ නියම කෙරුණේ මාකොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුටයි.
දේශීය කීරි සම්බා සහල් කිලෝ එකක පාලන මිල රුපියල් 260 ක්ව තිබියදී එම ව්‍යාපාරිකයා විසින් සිය වෙළෙඳසලේ කීරී සම්බා සහල් කිලෝ එකක් එම පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කර තිබෙන බවට අධිකරණයේදී අනාවරණය විණා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානි උදය නාමල්ගමගේ උපදෙස් අනුව එහි විමර්ශන නිලධාරීන් මෙහි විමර්ශන සිදු කොට අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
