ඊශ්රායල ගුවන් ප්රහාරවලින් ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් 32 ක් මියගිහින් _ටීෂා කාවින්දි
සෙනසුරාදා (ජනවාරි 30) දින ගාසා තීරය හරහා ඊශ්රායල ගුවන් ප්රහාර රැල්ලකින් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් ඇති බව ගලවා ගැනීමේ නිලධාරීන් පවසයි.
ඔවුන් පවසන්නේ මියගිය අය අතර ළමුන් සහ කාන්තාවන් ද සිටින බවයි.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකානු ජනාධිපති ට්රම්ප් මැදිහත් වූ සටන් විරාමයේ දෙවන අදියර මෙම මස මුලදී ක්රියාත්මක වීමෙන් පසු එල්ල වූ දරුණුතම ප්රහාර ලෙස පලස්තීනුවන් මෙම ප්රහාර සලකයි.
සිකුරාදා , හමාස් සංවිධානය ගිවිසුම උල්ලංඝනය කිරීමේ ප්රතිචාර වශයෙන් ප්රහාර ගණනාවක් සිදු කළ බව ඊශ්රායල හමුදාව තහවුරු කළේය.
