අණ නොතැකූ ලොරියකට පොලිසියෙන් වෙඩි – පහන් සිතුමිණ
පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයකට කිලිනොච්චිය ධර්මපුරම් ප්රදේශයේදී පොලිසිය වෙඩි ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
අද (01) අළුයම මෙම වෙඩි ප්රහාරය එල්ල කර ඇත්තේ බලපත්ර නොමැතිව වැලි ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයකට බවයි පොලිසිය සඳහන් කළේ.
මෙහිදී ලොරි රථයේ පිටුපස ටයර්වලට වෙඩි වැදී ඇති බව සඳහන්.
කෙසේ වෙතත මෙහිදී සැකකාර රියදුරු පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්රියාත්මකයි.
